පළාත් පාලන මැතිවරණයට වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.

පළාත් පාලන මැතිවරණය සඳහා මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් ව සිටින අපේක්ෂකයින් මුලතිව් ප්‍රදේශයේදීද, වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂයින් වව්නියාව ප්‍රදේශයේදී ද අමාත්‍යවරයා හමුවූහ.

එම රැස්වීම්වලට උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ පෞද්ගලික ලේකම් උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *