පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සහාය ලබා ගැනීම වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජන රැළි රැසකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා පසුගිය සති අන්තයේ (06-07 දෙදින) සහභාගී විය.

අම්පාර දිස්ත්‍රික්කයේ මරදමුනේ, කරෙයිතිව්, නින්දවූර්, සමන්තුරෙයි, කල්මුනේ, ඇතුළු ප්‍රදේශ රැසක පැවැති ජන රැළි සඳහා අති විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබිණි.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාට ප්‍රදේශයේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මරදමුනේ ප්‍රදේශයේ පැවැති ජන රැළියේ දී දේශපාලන පක්ෂ කිහිපයක ආධාරකරුවන් විශාල පිරිසක් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ අපේක්ෂකයින්ට සහය පළ කරමින් එක්සත් ජනතා සන්ධානයේ පක්ෂ සමාජිකත්වය ලබා ගත්හ.

මෙම රැස්වීම්වලට සමගාමීව එම ප්‍රදේශවල අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාල විවෘත කිරීම් කිහිපයකට ද අමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *