කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ අභිනවයෙන් දිවුරුම් දුන් බුද්ධික පතිරණ මැතිතුමා කොළඹ, නාරාහේන්පිට අමාත්‍යාංශයේදී 21 දා රාජකාරී ආරම්භ කළේය.

පිරිත් සච්ඡායනා මධ්‍යයේ සුබ නැකතින් අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආශීර්වාදය ද ලබාගත්හ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් රංජිත් අශෝක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *