විස රසායනිකයන්ගෙන් තොර දේශීය සහල්, එළවළු හා පලතුරු පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ නව වැඩසටහන ලංකා සතොස හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ තුළින් විස රසායනික අඩංගු ආහාර පරිභෝජනය නිසා ජනතාව තුළ බහුලව ව්‍යාප්තව ඇති ලෙඩ රෝග බොහෝමයකට නැවතීමේ තිත තැබිය හැකි බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලංකාව පුරා මේ වනවිට ව්‍යාප්තව ඇති ලංකා සතොස අලෙවිසල් සියල්ලෙහි පරිශ්‍රයන් තුළ මෙම කාබනික ආහාර අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සැකසීමට බලාපොරොත්තු වන බවත් විස රසායනිකයන්ගෙන් තොර ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *