ශ්‍රී ලාංකීය පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට හවුල් ව්‍යාපාර හා ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථාන රජයෙන් ආරාධනා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර් ගියාෂි මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

ඇෆ්ගනිස්ථානය සතුව පවතින මේ දක්වා භාවිතා නොකළ ලෝහ වර්ග ඇතුලු ඛනිජ සම්පත්, තෙල් සහ ගෑස් නිධි පවතින බැවින් ඒවා කැණීමට ඇෆ්ගනිස්ථාන ආයෝජකයින් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට පතල්, කැණීම්කරුවන්ට අවස්ථාව විවර වී ඇතැයි ද බදියුදීන් අමාත්‍යවරයා පවසයි. ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළෙඳ හා යෝජනා සම්බන්ධව සාකච්ඡා අතරතුරදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *