සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ” 2018 ජාතික ප්‍රදර්ශනයේ නිල සමාරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා මොනරාගලදී ආරම්භ කෙරෙණි.

සමාරම්භක අවස්ථාවට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඇතුලු මැතිඇමතිවරු විශාල පිරිසක් සහභාගී වූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති, ලංකා සතොස, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, පේෂ කර්ම දෙපාර්තමේන්තුව, මන්තායි ලුණු සමාගම, පරන්තන් කෙමිකල් සමාගම, ඇතුළු ආයතන රැසකින් ප්‍රදර්ශන කුටි එක් කර තිබිණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *