පාවහන් සහ සම්භාණ්ඩ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ අවසන් දින සමාප්ති උළේලේ සම්මාන ප්‍රධාන උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවැත්විණ.

කාර්මික සංවර්ධන අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ. ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 11 වැනි වතාවටයි. දේශීය සහ විදේශීය පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශන කුටි රැසක් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *