මන්නාරම මුසලි ජාතික පාසලේ ඉදිකළ නවීන පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ල සහ නවීන පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාර දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ. එම විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහා ද අමාත්‍ය බදියුදීන් මහතා සහභාගී විය. තරඟ ඉසව්වලින් කුසලතා දැක්වූ සිසුසිසුවියන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරෙණි.

එම අවස්ථා සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, මව්පියන් පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *