ගම්පොළ මුස්ලිම් මහා විද්‍යාලයේ 85වැනි සංවත්සර සැමරුම සහ නිවාසාන්තර ක්‍රීඩා උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වීගුලවවත්ත ක්‍රීඩාංගණයේදී 11දා පැවැත්විණ.

මෙම අවස්ථාවට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, ගම්පොළ නගර සභාවේ නගරාධිපති සමන්ත අරුණකුමාර, සමස්ත ලංකා මහජන කොංග්‍රස් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක රියාස් ඉසදීන්, මහනුවර දිස්ත්‍රික් සංවිධායක හම්ජාඩ්, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි යන මහත්වරු විද්‍යාලයීය සිසුදරුවන්, ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *