ඇසුරුම් කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදී එය ප්‍රවර්ධනය කළ යුතු අංශයක් ලෙස රජය හඳුණාගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 ඒ මහතා  මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය මගින් 17 වන වරටත් පවත්වනු ලැබූ, ලංකාපැක් 2014, ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත දේශණය පවත්වමිනි. මෙය පසුගියදා කොළඔ, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
 lak pack 01
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය අපනයනයට සෘජුව දායක වන අංශයක්. එබැවින් මෙම ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදී එය ප්‍රවර්ධනයට දිය හැකි සෑම සහායක්ම ලබාදීම සුදුසු බව අප රජය හඳුණාගෙන තිබෙනවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්ද ඇසුරුම් කර්මාන්තයට ප්‍රමුඛත්වයක් දිය යුතු බව පිළිගෙන තිබෙනවා. 
 
ඇසුරුම්කරණ කර්මාන්තය සියඵ අපනයන භාණ්ඩ සමඟ අන්තර් සම්බන්ධිත අංශයක්. එමෙන්ම මෙය ගෝලීය ප්‍රවනතාවයන්ට අනුගතව ඉතාමත් ඉක්මනින් වැඩිදියුණු වන ක්ෂේත්‍රයක්. ගෝලීය ඇසුරුම්කරණ කර්මාන්තයට සම්බන්ධ අලෙවි මට්ටම 2013 වසරේදී ඩොලර් බිලියන 824 ක් වුණා. මෙම ක්ෂේත්‍රයේ වැදගත්කම කොතරම්ද යන්න මෙමගින් පෙන්නුම් කරනවා. ඒ වගේම මෙම ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රය වාර්ෂිකව 4% ක වර්ධනයක් පෙන්නුම් කරනවා. එයින් හැඟෙන්නේ මෙම ක්ෂේත්‍රය නිරන්තරයෙන් වැඩිදියුණු වන බවයි.
 lak pack 05
අපගේ අපනයන භාණ්ඩයන් ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ ප්‍රචලිත කිරීමේදී, ඇසුරුම්කරණයේ ඇති වැදගත්කම පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ නිසා මෙම අංශය ප්‍රමුඛතාවයක් හිමිවන පරිදි, අපනයන සහයෝගීතා අංශයක් ලෙස නම් කළ යුතුයැයි මා යෝජනා කරන්න කැමතියි. ඒ වගේම විදේශ ආයෝජන වැඩි වැඩියෙන් මෙම ඇසුරුම්කරණ අංශය වෙනුවෙන් යොමුකිරීම තුළින් අපට මෙම අංශයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත හැකි වේවි.
 
අපනයන භාණ්ඩ හෝ සේවා යටතේ ඇසුරුම්කරණ අංශය වර්ගීකරණය වී නොමැති වීම හේතුවෙන් මෙම අංශය යටතේ අප කොතරම් අපනයන භාණ්ඩ ප්‍රමාණයක් නැව්ගත කරන්නේ දැයි නිශ්චිතවම දැක්වීමට අපහසුයි. එසේ වුවත්, දේශීය අපනයන භාණ්ඩයන්හි වර්ධනය සැලකිල්ලට ගත් විට, ඊට සමගාමීව ඇසුරුම්කරණ අංශයේද වර්ධනයක් ඇති බැව් නිශ්චිතවම දැක්වීමේ හැකියාවක් තිබෙනවා.
 lak pack 04
ඇසුරුම්කරණ අංශයේ ඇති වැදගත්කම නිසාම මාගේ යටතේ වන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, පසුගිය හා මෙම වසර තුළ රුපියල් මිලියන 5.4 කට වැඩි මුදල් ප්‍රතිපාදන මෙම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වැය කොට තිබෙනවා. ඒ යටතේ 2013 වසරේ ජාතික මට්ටමේ ඇසුරුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුඵ දෙකක් සඳහා අනුග්‍රහය ලබා දුන්නා. එහි අරමුණ වුණේ සුඵ හා මධ්‍ය පරිමාණ අංශයේ ඇසුරුම්කරණ සේවා ථලදායීතාවය ඉහළ නැංවීමයි. තවද ශ්‍රී ලංකා ඇසුරුම් සහතිකය ලබාගැනීම වෙනුවෙන්ද මෙම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට උපකාර ලබාදුන්නා. 2013 වසරේදී ඇසුරුම්කරණය පිළිබඳ වැඩිදුර පුහුණුව සඳහා කර්මාන්තකරුවන් 15 දෙනෙකු ඉන්දියාවට යැවීමටද මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එමෙන්ම 2015 වසරේදී දේශීය අසුරුම් කර්මාන්ත කරුවන් 20 දෙනෙකු ඉන්දියාවේ මුම්බායිහි පිහිටි, ඉන්දීය ඇසුරුම්කරණ පුහුණු ආයතනයට යොමුකොට වැඩිදුර පුහුණුව ලබාදීමට අපේක්ෂා කරනවා.
ශ්‍රී ලංකා ඇසුරුම් පුහුණු ආයතනයේ සභාපති, ජේ.ඩී.සී.පෙරේරා මහතා මෙහිදී පැවසුවේ, මෙරට ඇසුරුම් අංශයට විදේශ ආයෝජකයන් අවශ්‍යව ඇති අවස්ථාවක, ඒ සඳහා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය, බදියුදීන් මහතාට තම සංගමයේ කෘතඥතාවය පළ කර සිටින බවයි. විදේශ ආයෝජකයන්, දේශීය ඇසුම්කරණ ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම හරහා නව තාක්ෂණික දැනුම මෙරටට පැමිණීම තවත් වාසියක් වන බවද ඒ මහතා පැවසීය. වසර ගණනාවක් මුඵල්ලේ අමාත්‍ය, බදියුදීන් මහතා හා කර්මාන්ත අමාත්‍යාංශය ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දක්වන සහයෝගය තම සංගමය කෘතඥතා පූර්වකව සිහිපත් කරන බවද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
lak pack 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *