මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුවැන්ග් මැතිතුමාගේ (Cheng Xueyuan) ප්‍රධානත්වයෙන් මන්නාරම තරාපුරම් අල්මීනා විදයාලයේ දී 06දා සිදු කෙරෙණි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා චීන තානාපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පාසල් උපකරණ තොගය බෙදා දීම සිදු කෙරෙණි. මෙහිදී අඩුආදායම් පවුල්වල පාසල් සිසුදරුවන් දහසකට ආසන්න පිරිසකට පාසල් බෑග්, පාවහන්, පොත් පත් ඇතුළු උපකරණ රැසක් පිරිනැමිණි.

ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන් රාස්, චීන තානාපති කාර්යාල නිලධාරීන්, ඇතුළු මහත්ම මහත්මීන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *