“නංවමු ලංකා” ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මොරටුව, කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද (09) පැවැත්විණි.

“නංවමු ලංකා” වැඩසටහන දියත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙණි. කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධ්කාරිය, ජාතික ශිල්ප සභාව, යන ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන්, සම්බන්ධීකරණ නිලධාරීන් මේ සාකච්ඡාවට කැඳවා තිබිණ.

එහිදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් ව්‍යවසායකයින් හඳුනාගැනීම, ඔවුන්ට උපකරණ ලබාදීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ගැනින.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී රංජිත් අශෝක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවීන් අධිකාරම් යන මහත්වරු ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *