කාර්මික සංවර්ධන මණ්ඩලයේ මොරටුව කටුබැද්ද පිහිටි වැඩබිම් පරිශ්‍රය හදිසියේ නිරීක්ෂණය කිරීමට, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පසුගිය 09දා එම ස්ථානයට ගියේය.

එදිනම කාර්මික සංවර්ධන මණ්ඩලයේ රොබෝ තාක්ෂණ අංශයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරෙණි. එමෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලයේ “ලක්කම්” අලෙවිසැලද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ලක්කම් ආයතනයේ දෛනික ආදායම ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *