හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 24 වනදා ගරු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී පැවැත්විණ.

අක්කර 200ක භූමි භාගයක් පුරා ඉදි කිරීමට නියමිත නව තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් ඇතුළත නිම කිරීමට නිමිතය. මෙමගින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථාව 2,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත.මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු එය දේශීයව පමණක් නොව විදේශයන්ට මෙම තෙල් අපනයනයනය කිරීම සඳහා දෛනිකව බැරල් ලක්ෂ 02ක් පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ සඳහා සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් ආයෝජනය කරන අතර මෙය හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුදල මෙන් තුන් ගුණයකි. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ සක්‍රීය වරායන් බවට පත් කිරීම මෙහි අරමුණයි.

මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත අනෙක් ව්‍යාපෘතිය වන සිමෙන්ති කර්මාන්ත ශාලාව මගින් වසරක් තුළ මෙට්ට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කළ හැක. අක්කර 64ක භූමියක ඉදිකෙරෙණ කෙරෙණ මෙම කර්මාන්ත ශාලාව වැඩ මාස 18 ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරේ.

එම අවස්ථාවට අමාත්‍යවරුවන සජිත් ප්‍රේමදාස, දයා ගමගේ, රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරල, දිලිප් වෙදආරච්චි, ඇතුළු මැතිඇමතිවරු රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *