බංගලාදේශ 49 වැනි ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයේ, විශේෂ ආරාධිතයා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන් සහභාගී වූහ. උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී 26දා පැවැත්විණ.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, හිටුප අමාත්‍යවරු වන නිමල් සිරිපාලද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මැතිතුමන්ලා ඇතුළු සම්භාවනීයයන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *