සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය, සහ පක්ෂ සමාජිකයන්ගේ රැස්වීමක් කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුතූර් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පක්ෂය ශක්තිමත් කිරීමේ සහ නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැදගත් කම බදියුදීන් අමාත්‍යවරයා විසින් අවධාරණය කෙරෙණි. නියෝජ්‍ය අමාත්‍යවරු අබ්දුල්ලා මහරුෆ්, අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම් එස් සුභයිර්දීන්, යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලක නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *