අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස කටයුතු කරන්නේ ඉර්ෂාඞ් රහ්මතුල්ලා, මොහොමඞ් නලීම් යන මහත්වරු දෙදෙනා බවත්, ඔවුන් දෙදෙනා අද (30) කොළඹ, කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේ, තම නිල කාමරවල සිට මහජනතාවට සේවය සලසමින් සිටින බවද අමාත්‍ය කාර්යාලය වගකීමෙන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *