පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා, ජමියතුල් උලමා සංවිධානයේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලනඥයින් විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක්, කොළඹ, කොල්ලුපිටිය, හෝටලයකදී අද (09) පැවැත්විණි.

පාස්කු ඉරිදා ඛේදවාචකය දැඩි ලෙස හෙළා දකින බවත්, ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සමස්ථ මුස්ලිම් ජාතියම නැගී සිටින බවත්, ත‍්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට උපරීම සහය දෙන බවත්, මුස්ලිම් නායකයෝ එහිදී කියා සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා, කාදර් මස්තාන්, ඉෂාක් රහුමාන්, යන මහත්වරු සහ ජයමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *