අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැදැක, රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු මහත්වරු 11දා කටයුතු කළහ. ඒ මහනුවර අස්ගිරි මහා විහාරයේදීය.

මල්වතු මහ විහාර පාර්ශ්වය නියෝජනය කරමින් එම පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ ඇතුළු ගරුතර මහා සංඝරත්නයද අස්ගිරි මහා විහාරය වෙත වැඩම කර සිටියහ.

සිංහල හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් යුතුව මේ රට තුළ වසර සිය ගණනක් තිස්සේ එකට ජීවත් වූ බවත් ආගම් බේද නොමැතිව සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත් වීම ඉතා වැදගත් බවත් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියෝ පෙන්වා දුන්හ.

අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට හේතුවූ කරුණු පිළිබඳව, මහනායක ස්වාමීන් වහන්සේලාට හිටපු අමාත්‍යවරු විසින් පැහැදිලි කෙරින.

රටේ පවතින ⁣වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද එහිදී කරුණු පැහැදිලි කෙරෙනි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඒ.එච්.එම්. ෆවුසි, එම්. හලීම්, ෆයිසර් මුස්තාෆා, අමීර් අලී, අබ්දුල්ලා මහරුෆ්, ඉෂාක් රහුමාන්, අලි සහීර් මව්ලානා, ඉස්මයිල්, එම්.එස්. තවුෆික් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *