කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රිෂාඩ් බදියුදීන් මහතා, කොළඹ, කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 30දා නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සහ එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 29දා දිවුරුම් දුන් බුද්ධික පතිරණ මහතාද එම අවස්ථාවට සහභාගි වී උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

වැඩ බාරගැනීමෙන් පසු අමාත්‍යාංශ කාර්යය මණ්ඩල හමුවක්ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *