මන්නාරම දිස්ත්‍රික්කයේ නනාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූවරසන් කන්ඩල් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් 26දා ආරම්භ කෙරිණ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, මාන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *