උපාධිධාරී තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක කරන “උපාධිධාරී ව්‍යවසායක උදානය” වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.

එහිදී උපාධිධාරී ව්‍යවසායකයන් 73 දෙනෙකු පළමු අධියර යටතේ වැඩසටහනට තෝරාගෙන තිබේ. ඔවුන්ට නව ව්‍යාපාර ඇරැඹීම, ඒ ආශ්‍රිත දැනුම සහ පුහුණුව ලබාදීම සිදු කෙරේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *