ශ්‍රී ලංකා – ඉන්දියානු සහයෝගීතාවය වර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයෙන් සංවිධානය කර තිබූ සුහද හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ, රමාඩා හෝටලයේදී 13දා පැවැත්විණ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමායි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට අමාත්‍ය මනෝගනේෂන්, අමාත්‍ය අමීර් අලී, යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.