ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ සිම්රින් සිං මැතිණිය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ජාතික සමූපකාර ප්‍රතිපත්තිය පිළිබඳව, ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ ජාතික සමූපකාර ප්‍රතිපත්තිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරියගේ ඇගයීමට ලක්විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සමූපාකාර ප්‍රතිපත්තියේ පිටපතක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරිය වෙත බාරදීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පියවර ගත්තේය. මෙම අවස්ථාවට හිමාලි ජිනදාස මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *