ගෝලීය වෙළඳාම, විවිධ සම්මුතීන් හා නොයෙකුත් කණ්ඩායම් මත බෙදීයාම හේතුවෙන්ද, එවා නියෝජනය කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් ඉතා තීරණාත්මක සාධකයක්ව ඇති බැවින්ද, දේශීය අපනයන උපාය මාර්ගයන්හි සාධනීය වෙනසක් ඇති කළ යුතු බැව්’ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එළිදැක්වීමට නියමිත ‘2015-2020 ජාතික අපනයන උපායමාර්ගික සැලසුම් යෝජනාවලිය‘ට අපනයනකරුවන් හා රේඛීය ආයතන නිලධාරීන්ගේ යෝජනා ලබාගැනීම වෙනුවෙන් පැවැත්වූ සැසිවාරයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
කොළඔ 02, නවම් මාවතේ, පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම සැසිය පසුගියදා (16 දා) පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ජිනීවා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (Geneva’s ITC) මෑතකදී කරන ලද සමීක්ෂණය අනුව, අපගේ අපනයන සංවර්ධන මණ්ඩලය ලෝකයේ ඉතා දියුණු ආර්ථිකයකින් යුත් රටවල අපනයන සංවර්ධන ආයතන ව්‍යුහයන් සමඟ සම තත්වයේ පවතින බව හෙළිකොට තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රථම වරට ලෝක වෙළඳ සංවිධානයේ (WTO) මිණුම් දඬු අතරට පැමිණ තිබෙනවා. 2020 දී ඇ.ඩො.බිලියන 20 ක් ඉපැයීමේ රජයේ ඉලක්කයට මෙය ඉතා සුභදායී මූලාරම්භයක් වනු ඇති.
ශ්‍රී ලංකාව ප්‍රථම වරට රාජ්‍ය සන්නාම දර්ශකයේ 67 වැනි ස්ථානයට පිවිස තිබීම අපනයන ක්ෂේත්‍රයේ සැමටම සතුටට කාරණයක් වේවි. එමෙන්ම එළිදැක්වීමට නියමිත සන්නාම දර්ශකයේද, ශ්‍රි ලංකාව රටවල් 118 ක් අතරින් 67 වන ස්ථානය ලබා තිබෙනවා. 66 වන ස්ථානය හිමිකර ගනිමින් අපට වඩා ඉහළින් සිටින්නේ චීනයයි. වියට්නාමය සිටින්නේත් අපට වඩා පසුපසින්. ඔවුන් 69 වන ස්ථානයේ පසුවෙනවා. දියුණු රටක් වන පෝලන්තය 75 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව වැනි රටක් මෙවැනි ඉතා බලගතු ස්ථානයක් ලබා ගැනීම අප රටට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්. මෙම වටිනා අවස්ථාව, අපගේ අපනයනයන්හි දියුණුවට යොදාගැනීමට දැන් කාලය පැමිණ තිබෙනවා. මෙම සංගණන දත්ත මගින් ශ්‍රී ලංකාවේ සැඟවුණු වෙළඳ පොළ ශක්ති සම්පන්නතාවය පෙන්නුම් කරනවා. මෙම ශ්‍රේණිගත කිරිම් දෙස බලන කල, ලෝකයේ බලගතු රටවල්හා කරට කර සිටිමින්, ඉහළ අපනයන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අප සමත්ව සිටිනවා. එමෙන්ම සැඟවී ඇති ශක්ති සම්පන්න වෙළඳ පොළවල් වෙත අවධානය යොමුකිරීමෙන්, අපනයන ප්‍රවර්ධනයේලා වැඩි වාසි අත්කර ගැනීමට හැකියි.
එමෙන්ම, මෙම තත්වය වර්ධනය කරගැනීමට අපගේ අපනයන තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට අපි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. ගෝලීය වෙළඳ පොළ නොයෙකුත් කණ්ඩායම් හා ඛන්ඩනය වීම් හරහා බෙදී යන තත්වයක් ඇතිවී ඇති නිසාත්, පාරිභෝගික ඉල්ලීම් ඉතා තීරණාත්මක බවට පත්වී ඇති නිසාත්, අපනයන උපාය මාර්ග වෙනස් කර ගැනීම අප මෙහිදී සිදුකළ යුතුයි. දේශීය සන්නාම ප්‍රවර්ධනය හා අපනයන උපායමාර්ග යන අංශ දෙක එක සමාන්තරව ක්‍රියාත්මක කළ හැකිනම් ශ්‍රී ලංකාවේ අපනයන නැංවීමට එය ඉතාම වැදගත් වේවි. අපගේ අපනයන උපාය මාර්ග වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහා ජිනීවා අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානය (Geneva’s ITC) විසින් ගන්නා ධනාත්මක ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාව වෙනුවෙන් මාගේ ප්‍රශංසාව පිරිනැමීමට කැමතියි.
2015-2020 ජාතික අපනයන උපායමාර්ගික සැලසුම් යෝජනාවලිය සකස් කරනු ලබන්නේ, ජිනීවා අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ නොමසුරු තාක්ෂණික උපකාර හා රාජ්‍ය හා පෞද්ගලික කොටස්කරුවන් අතර කෙරෙන සාකච්ඡා මතයි. මෙම සැසිය, අපනයන ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීමටද ඉමහත් රුකුලක් වෙනවා.
ජාතික අපනයන මූලෝපාය සංවර්ධනය හා එම උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම සාර්ථක කර ගැනීමට ඔබ සියඵ දෙනාගේ සහයෝගය අප වෙත ලබාදෙනු ඇතැයි විශ්වාස කරන අතර, ඒ සඳහා තම දායකත්වය ලබාදීම වෙනුවෙන් මෙහි පැමිණි ඔබ සියඵ දෙනාට ස්තුතිය පිරිනමනවා.“
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන, ජිනීවා අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී, ඇන්ටන් සේඩ් (MR.ANTON SAID) එහි ජ්‍යෙෂ්ඨ උපදේශක, පැබ්බෝ ලෝ මොරෝ (MR.PABLO LO MORO), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂ ජනරාල්, සුජාතා වීරකෝන්, විධායක අධ්‍යක්ෂ, යූසුෆ් කේ.මරික්කාර්, ප්‍රතිපත්ති හා සැලසුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා, දයානි වෑගපිටිය, යන මහත්වරුන් සහ මහත්මියන්ද, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අපනයන කරුවන් රැසක්ද, කර්මාන්ත හා වාණිජ මණ්ඩල නියෝජිතයන්ද, රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන නිලධාරීන් ඇතුඵ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.