ජල ගැලීම්වලින් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ රෙඩ්බානා ඉස්මයිල්පුරම්, තෙන්නතෝප්පු කඳවුරේ සිටින ජනතාවගේ සුවදුක් විමසීමට සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා 22වැනිදා එම ප්‍රදේශයට ගියේය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යවී තිබුණ අතර, අවතැන් ජනතාවට සහන සැලසීම සඳහා රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිස ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ට්රැක්ටරයකින් ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගත්හ.
රත්මල්යාය ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමටද මන්ත්‍රීවරයා කටයුතු කළේය.