මැටි කර්මාන්තයේ, පේෂ කර්මාන්තයේ හා තල් නිෂ්පාදනයේ යෙදී සිටි 11 දෙනකු මරදමුණේ දී දැනට පුහුණු කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. එමෙන් ම නව මෝස්තර නිර්මාණ පුහුණු කිරීම සඳහා 15 ක සම්බන්ධ කරගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පාරම්පරික කර්මාන්ත ශිල්පීන් සිටින ස්ථාන හඳුනාගැනිමටත්, එම ශිල්පීන් පුහුණු කර ඔවුන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාදීමටත් කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.