ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාම් අන්සාර්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මැලේසියාවේ රැඳී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එරට රජයෙන් ඉල්ලා සිටියේය.

මේ ප්‍රහාරය එල්ල වූයේ සැප්තැම්බර් 04 වැනි දා ය.

“ අප නොදන්නා පුද්ගලයන් පිරිසක් විසින් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහර දී තිබෙනවා. අප මේ ප්‍රහාරය තරයේ හෙළා දකිමින් අප්‍රසාදය පළකර සිටිනවා. ඒ වගේම අපි අපේක්ෂා කරනවා මැලේසියා රජය ඉතා ඉක්මණින් මේ වැරදි කළ අයට දඬුවම් ලබා දෙයි කියා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *