අන්තර්ජාලය හරහා සමාගම් ලියාපදිංචි කිරීමට සමගාම් හිමිකරුවන්ට මින් ඉදිරියට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. මේ අවබෝධතා ගිවිසුම අද (30) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවරයා :
මෙම ඔන්ලයින් ක්‍රමය හඳුන්වාදීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 57ක් වැය වෙනවා. මේ ක්‍රමයෙන් සමාගම් ලියාපදිංචිය කාර්යක්ශමව සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන කේ.පීඑම්ජී. සමාගම ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට එක් දිනක් ඇතුළත තම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ කටයුත්ත ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා යැයි කීය.
2007 සමාගම් ලියාපදිංචි කිරීමේ පනතට යටත්වන සියලු සමාගම් සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර. ඒ අනුව 2016 අවසන් වන විට සමාගම් 85587 ලියාපදිංචිය ලබාගෙන තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම ට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කේපීඑම්ජී ආයතනය වෙනුවෙන් සී.පී ජයතිලක යන මහත්වරුන් විසින් අත්සන් තැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *