කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අතර හමුවක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි. ගතවූ වසර කිහිපය පුරාවට දෙරට අතර ශක්තිමත් වෙළෙඳ සබඳතා පැවැති බවත් ඉදිරියට ද වෙළෙඳ සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත්, දෙරට අතර වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක වීම නිසා ආර්ථික වශයෙන් වාසිදායක වී ඇති බවද බදියුදීන් අමාත්‍යවරයා පැවැසීය.

2010 සිට මේ දක්වා කාලයේ දී දෙරට අතර වෙළෙඳ ගණුදෙනු තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පෙන්වා දුන්නේය.

බංගලාදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවද බංගලාදේශ මහකොමසාරිස්වරයා කීය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතන 45ක් ඇමරිකන් ඩොලර් මිලියන 300කට අධික වටිනාකමක් සහිත ආයෝජන කර ඇති බවද මෙහිදී හෙළිවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *