ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් අද (29) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, මාලිගාපිටියේ දී ජූලි 01දා පැවැත්වීමට නියමිත 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමේ ජාතික උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම මෙහි අරමුණ විණි. මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *