මන්නාරම ප්‍රදේශයේ පානීය ජල ගැටළුව ට විසඳුම් දෙමින් අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මන්නාරම ජල
ව්‍යාපෘතිය විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් , නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්,
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මන්නාරම එලුතූර් ප්‍රදේශයේදී 07 වැනිදා සිදු කෙරෙණි.

මේ ජල ව්‍යාපෘතියෙන් හැට දහසකට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාගත හැකිවනු
ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2200කි.

ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්
කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර්
මස්තාන්, චාර්ල්ස් නිර්මලනාදන් යන මහත්වරුන් මහජන නියෝජිතයන්, ඇතුළු
පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *