චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 11දා පැවැත්විණි.

එහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍ෂේත්‍ර රැසක ආයෝජන ව්‍යාපෘති 47ක් හඳුනාගෙන ඇති බවයි.

විශ්වවිද්‍යාල නියෝජිතයින් කියා සිටියේ තාක්ෂණික පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ශ්‍රී ලංකාවේ සිසුන් ට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බවයි.

විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලා සම්බන්ද විස්තර ලබා දෙන්නැයිද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ඉල්ලීමක් කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *