මන්නාරම, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “සිංහල විජයගම” ගම්මානයේ ජනතාව හමුවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 07වැනිදා පූර්ව දැනුම්දීමකින් තොරව එම ගම්මානයට පැමිණියහ.

එ ගම්වැසියෝ සමග සුහද පිළිසඳරක යෙදුනු අමාත්‍යවරු දෙපළ, ගම්මානයේ අඩුපාඩු පිළිබඳව විමසූහ. තම ගම්මානයට පෙර පාසලක අවශ්‍යතාව තිබෙන බව ගම්වැසියෝ පැවසූහ.

පෙර පාසලක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු යොදන බැව් අමාත්‍යවරු දෙපළ පැවසූහ.

ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරු දෙපළගේ අවධානය යොමු වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *