අක්කරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවලදී 31දා පැවැත්විණ.
ස්වයං රැකියාවල නිරත වන්නන් සඳහා සහ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට අවශ්‍ය ගෑස් ලිප්, මහන මැෂින්, විදුලි උත්පාදක යන්ත්‍ර, පාපැදි, ඉවුම් පිහුම් උපකරණ, වතුර මෝටර්, ඇතුළු උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරෙණි. ක්‍ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැඩ සටහන අනුව අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.