අන්තර්ජාතික වෙළෙඳාමේ දී වැදගත්වන ගෝලීය තොරතුරු තාක්ෂණ ගිවිසුම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 12දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ කෙරෙණි.

වාණිජ දෙපාර්තමේන්තුව සහ ලෝක වෙළෙඳ සංවිධානය සමග එක්ව මෙය සංවිධානය කර තිබිණි. වැඩමුළුව 12 සහ 13 යන දෙදින පුරා පැවැත්වේ.
මේ අවස්ථාවට ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සොනාලි විජේරත්න ලෝක වෙළෙඳ සංවිධානයේ නියෝජිත එරික් ශිංග් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *