වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ අබ්දුල්ලා මහරුෆ් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේ 14දා පැවැති උත්සවයට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ද සහභාගී වූහ.

එම අවස්ථාවට අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඒ.එච්.එම ෆවුසි, එම්. ඉස්මයිල්, සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම් එස්. සුබෙයිර්දීන් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *