යුද්ධයෙන් පසු ජනතාව නැවත පදිංචි කළ මරිච්චකට්ටි, නාවක්කුලි, සිලාවතුර, කරඩික්කුලි, පාලක්කුලි, කොඩ්ඩච්චි යන ගම්මානයන් හි පැල ලක්ෂයක් සිටුවීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මේ ප්‍රදේශයන් හි මාර්ගය දෙපස හමුදාව විසින් යුදමය හේතූන් නිසා එළි පෙහෙළි කර තිබිණි. යුද්ධය අවසන්වීමෙන් පස මාර්ගය දෙපස යළි පදිංචිකිරීම් සිදුවූ අතර එහි දී වනාන්තරය විනාශයක් සිදුව ඇතැයි පරිසර සංවිධානවලින් චෝදනා එල්ල කැරිණි.

අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ කොටි ප්‍රහාරයට බියෙන් පැය කිහිපයක් ඇතුළත මේ ප්‍රදේශයේ ජනතාවට ඉවත්වන්නට සිදුවූයේ 1990 වර්ෂයේ දී බවයි. යළි යුද්ධය අවසන්වනවිට එම ප්‍රදේශ වනයෙන් වැසීගොස් තිබූ බවත් පැරණි ගොඩනැගිලි සියල්ල විනාශ වී තිබූ බැවින් රජය විසින් හඳනාගත් ප්‍රදේශයන් හි ජනතාව නැවත පදිංචි කරවනු ලැබීය. පැල සිටුවීමේ ව්‍යාපෘතිය මරිච්චකට්ටි පැරණි පල්ලිය අසළින් ආරම්භ කළ අතර මුල් අදියර ලෙස පැල 3000ක් සිටුවනු ලැබීය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ මේ ස්ථානයේ පදිංචිවී සිටන්නේ යුද්ධ නිසා ඇඳගෙන හිටපු ඇඳුම්ටික විතරක් ඉතිරි වෙද්දී අනිත් සියලු දේ අහිමි වූ ජනතාව. එම වැසියන් යුද්ධයෙන් පස්සේ නැවත පදිංචි වනවිට රජයක් ලෙස උදව් කළ යුතුයි. එසේ නැතිව ජාතිවාදී ආකල්ප අනුව මේ අය විවේචනය කරලා වැඩක් නැහැ. මේ ජනතාවට උදව් කරන්න ජාති ආගම් බේද පැත්තකින් තියලා හැමෝම එකතුවෙන්න ඕන. අද අපි පැල 3000ක් සිටුවා පටන් ගත් මේ ව්‍යාපෘතිය පැල ලක්ෂයක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් අපි ඉක්මණින් පියවර ගත යුතුයි. “

7M8A9938

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *