මන්නාරම අගරදගුරු, ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර හමුවක් 01දා පැවැත්විණ.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ත්‍රස්තවාදය කිසි විටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහය පළ කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ සභාපති සන්තියෝග් සහ මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහීර් යන මහත්වරු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *