බෙලරුස් ජනරජයේ නියෝජ්යා විදේශ කටයුතු ඇමති, වැලන්ටයින් බී.රිබෙකව් (Valentine B.Rybakov) මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අවස්ථාව. - ඡායාරූපය @ සේනක කුරුප්පු (අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය)
චමීර ඇල්ලදෙනිය
ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු වලින් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක ගනුදෙනු පසුගිය වසරේදී වාර්තා වී ඇත.
 ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු නංවාලීමේ අරමුණ ඇතිව පිහිටුවා ඇති වෙළඳ හා ආර්ථික ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරයේදී මේ කරුණු අනාවරණය විය. මේ සැසිවාරය කොළඔ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා (09) ආරම්භ විය.
 belarus 04
බෙලරුස් ජනරජයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති, වැලන්ටයින් බී.රිබෙකව් (ValentineB.Rybakov) හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මේ ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරයේදී දෙරට අතර වෙළඳ කටයුතු වලදී පැන නගින ගැටලු හා නව වෙළඳ හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ පුඵල් ලෙස අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වේ. 2015 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත යුරෝසියන් ආර්ථික සංගමයේ (Eurasian Economic Union – EEU) සාමාජික රටක් ලෙස බෙලරුස් ජනරජයට ආසියානු වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව හොඳ පිහිසුම් මාර්ගයක් වනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
 belarus 05
තවදුරටත් අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවරයා, දීර්ඝ කාලයක් තිස්සේ බෙලරුස් ජනරජය ශ්‍රී ලංකාව සමඟ වෙළඳ කටයුතු පවත්වාගෙන ගියත්, දෙරට අතර සිදුවූ විදේශීය වෙළඳාමේ වර්ධනයක් දැකිය හැකි වූයේ ඉතා මෑත කාලයක දීයි. ශ්‍රී ලංකාව අපනයන සිදුකරන රටවල් 231 අතරින් 77 වන ස්ථානය බෙලරුස් වලට හිමියි. 2013 දී ඇමරිකානු ඩොලර් මිලියන 14.24 ක ද්වීපාර්ශ්වික වෙළඳ අගයක් වාර්තා වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට බෙලරුස් වෙළඳපොළ තවමත් ඉතා නැවුම් වෙළඳපොළක් ලෙස සැලකිය හැකියි. 2013 අගෝස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා බෙලරුස් ජනාධිපතිවරයා අතර ඇතිකර ගත් වෙළඳ ගිවිසුම් දෙරටේම වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා මහඟු පිටිවහලක් වුණා. 50 කට අධික ආයෝජන ව්‍යාපෘති රැසක් බෙලරුස් ආයෝජකයන්ගේ තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අදහස් දක්වමින්, බෙලරුස් ආනයනකරුවන්ට තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ 3520 ක්වූ අපනයන භාණ්ඩ ඇති බවත් මේ වන විට ඔහුන්ගේ ප්‍රධාන තෝරා ගැනීම වී ඇත්තේ ලොව සුපතල සිලෝන් ටී බවත් ප්‍රකාශ කළේය.
 belarus 03
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ කොමිසමේදී ආනයන හා අපනයන බදු සහන ලබා ගැනීම, දෙරටේ පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශන, අපනයන ප්‍රවර්ධන වැඩසටහන්, ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන්, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික, ධීවර, විද්‍යා හා තාක්ෂණික, සංචාරක, සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා බෙලරුස් තානාපති, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන, අතිරේක ලේකම් (වාණිජ), ශීතා සේනාරත්න, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, කුමාරරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
belarus 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *