Skip to content
ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ අපනයනයේදී, ඉන්දියාවේ යම් යම් ප්‍රාන්ත රාජ්‍යයන් වලදී ලාංකික සමාගම් වලට මුහුණ පෑමට සිදුවන ගැටඵ විසඳා ගැනීමට අන්‍යෝන්‍ය සම්මුතියක් ඇති කිරීමට විධිවිධාන යොදන බැව්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්, අරින්දම් බක්චි මහතා පැවසීය.
නියෝජ්‍ය මහකොමසාරිස් වරයා මේ බැව් පැවසුවේ, ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී, අමාත්‍යවරයාගේ කරුණු දැක්වීමට පිළිතුරු වශයෙනි. මෙම හමුව පසුගියදා (13 දා) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නියෝජ්‍ය මහකොමසාරිස් වරයා පිළිගනිමින් අදහස් දැක්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, “මාගේ අමාත්‍යාංශය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ හා මධ්‍යම රජයේ සහාය ඇතිව, දෙරට අතර වෙළඳ ගණුදෙනු පුඵල් කර ගැනීම සඳහා ඉතා උද්යෝගයෙන් කටයුතු කරනවා. පසුගියදා කොළඔදී පැවති ඒකාබද්ධ කාර්ය සාධන බලමණ්ඩලයේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට හැකිවේයැයිද මා විශ්වාස කරනවා. දැනට මූලිකව අවශ්‍යවී ඇත්තේ භාණ්ඩ හා සේවාවන් පිළිබද අන්‍යෝන්‍ය පිළිගැනීම් සම්මුතියක්.මෙවන් සම්මුතියකින් අපනයන වල ප්රමිතීන් හා තත්ව පරීක්ෂාවන් පිළිබඳව එකඟතාවයක් ඇති වෙනවා. එවැනි සම්මුතියක් නොමැති කම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන කරුවන් ඉන්දියානු වෙළඳ පොළ තුළ ගැටඵ රාශියකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුමේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගිය යුතුයි.“
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් පසුව පැවති ද්වීපාර්ශ්වික භාණ්ඩ වපසරියට නව භාණ්ඩ සමූහයක් අනතර්ගත කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ බැව් කියා සිටින ලදී. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ ගණුදෙනු 2013 වර්ෂයේදී ඇ.ඩො. බිලියන 3.636 ක් දක්වා ප්‍රවර්ධනය වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා වෙත ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය මහකොමසාරිස්, අරින්දම් බක්චි මහතා, “ශ්‍රී ලංකාවේ ආයෝජකයින් ඉන්දියාවේ සිදුකර ඇති ආයෝජන ඉතා සාර්ථකයි. ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන් අප දෙරට අතර වෙළඳාමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉන්දියාවවේ යම් යම් ප්‍රාන්තයන්ට තම භාණ්ඩ බෙදාහැරීමේදී විවිධ ගැටඵ වලට මුහුණ දෙන බව මමද පිළිගන්නවා. ඊට හේතුවී ඇත්තේ, ඉන්දීය මධ්‍යම රජය මගින් ඇතිකර ගත් එකඟතා සහ ප්‍රාන්ත රාජ්‍යන්ගේ වෙළඳපොළේ ඇති විවිධත්වයන් හා වෙනස් ප්රමිතීන් අතර ඇති පරස්පර ස්වභාවයන්. මෙම තත්වය පිටුදැකීම වෙනුවෙන් ද්වීපාර්ශ්වික වෙළඳ කටයුතු සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීම් සම්මුතියක් අවශ්‍ය බැව් අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම මා පිළිගන්නවා. අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි මහතාගේ නව ඉන්දියානු රජය සාක් කලාපීය රටවල් සමඟ මිත්‍රත්වය තහවුරු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබෙනවා. එම නිසා ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය වඩ වඩාත් ශක්තිමත් කරගැනීමට මෙය ස්වර්ණමය අවස්ථාවක්.“
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් දෙරටටම යහපතක් වී ඇති බවත්, එය තවදුරටත් පුඵල් කිරීම හරහා දෙරටටම අමතර අපනයන අවස්ථා උදාකර ගත හැකි බවත් නියෝජ්‍ය මහකොමසාරිස් වරයා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජෙනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහතුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.