ශ්‍රී ලාංකික නිෂ්පාදන සදහා ඉරාකය තුළ පුඵල් වෙළද අවස්ථාවන් පවතින බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය 24 දා, බැග්ඩෑඩ් අගනුවරදී පැවසීය.

 අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර, ඉන්ටනැෂනල් පලස්තීන් හෝටලයේදී මුඵදුන් 8 වන ඉරාක-ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළද සාකච්ඡා සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමිණි. මෙම සැසිය පසුගිය 24 දා සිට දෙදිනක් පුරා පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, “1975 වසරේදී ඇරඹි මෙම ඒකාබද්ධ වෙළද සාකච්ඡා සැසිය හේතුවෙන් අද වන විට ද්වීපාර්ශ්වික සහයෝගීතාවය ප්‍රබල ලෙස වර්ධනය වී තිබෙනවා. දෙරට අතර මෙසේ ගොඩනැගී ඇති යාන්ත්‍රණය අද වන විට නොයෙක් අංශ වලට හා පුඵල් පාරාසයක සහයෝගීතාවයක් දක්වා විහිදී තිබීම සතුටට කරුණක්.

 26FEB2

2010 වසරේ කොළඹදී පැවති මෙහි 7 වන සැසිවාරයේදී කර්මාන්ත, ආයෝජන, ආර්ථික, කෘෂිකාර්මික, විද්‍යා හා සංස්කෘතික යන අංශයන්හි ද්වීපාර්ශ්වික හුවමාරු වැඩපිළිවෙලක් පිළිබදව අවධානය යොමුවුණා. ඒ අනුව අදාල අංශ වල සහයෝගීතාවය අප දෙරට විසින් ක්‍රියාත්මක කළා. නමුත් ඊට පරිබාහිරව, මෙම යාන්ත්‍රණයට එක්කර ගත හැකි අතිරේක අංශ ගණනාවක්ද අප හදුනාගෙන තිබෙනවා. විශේෂයෙන් දෙරට අතර වෙළදාම සම්බන්ධයෙන් කතා කරන විට, එහි නව ආරම්භයකට මුල පිරිය හැකි අවස්ථාවන් දැන් උදාවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ සදහා පමණක් නොව තවත් බොහෝ නිෂ්පාදන සදහාද ඉරාකය කදිම වෙළද පොළක්. ශ්‍රී ලාංකික නිෂ්පාදන සදහා ඉරාකය තුළ පුඵල් වෙළද අවස්ථාවන් පවතින බැව් මේ වන විට අප හදුනාගෙන තිබෙනවා.

මෙම වෙළද සාකච්ඡා වටයේ ඉරාක දූත පිරිසේ නායකත්වය ඉසිලූ, ඉරාක වෙළද අමාත්‍ය, කීර්-අල්ලා හසන් බාකර් මුහම්මඩ් (Hon. Keer-allah Hassan baker muhammad) මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ වෙළද අත්දැකීම් ලබාගැනීමට ඉරාක ජනතාව ඉතා කැමැත්තෙන් පසුවන බවයි. මෙහිලා විශේෂයෙන් ශ්‍රී ලංකා සතු ආයෝජන ප්‍රවර්ධන, නිදහස් වෙළද කලාප සංකල්පය, මූල්‍ය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි අත්දැකීම් වැදගත් කොට සලකන බැව්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය, බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලාංකික දූත පිරිසට, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඩී.කුමාරරත්න, ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති, සුමිත් නාකන්දල යන මහත්වරුන් ඇතුඵ රජයේ හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 15 දෙනෙක් සහභාගී වූහ. ඉරාක දූත පිරිසට ඉරාකයේ වෙළද අමාත්‍යවරයා ප්‍රමුඛ 30 දෙනෙකුගෙන් සමන්විත ඉහළ මට්ටමේ කණ්ඩායමක් සහභාගී වීම කැපී පෙනෙන සිද්ධියක් විය. දශක හතරකට ආසන්න ඉරාක ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළද සැසි ඉතිහාසයේ මෙවැනි වැඩි පිරිසක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය වේ.

2003 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 8.7 ක් ලෙස සටහන් වූ ඉරාක ශ්‍රී ලංකා වෙළද අගය, 2013 දී ඇ.ඩො.මිලියන 89.9 ක් ලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිණි. එයින් ශ්‍රී ලංකාව ඉරාකයට කළ අපනයනයන්හි අගය, ඇ.ඩො.මිලියන 89.8 ක්වූ අතර, ඉරාකයෙන් ශ්‍රී ලංකාවට සිදුකළ ආනයනයන්හි අගය ඇ.ඩො.මිලියන 0.10 කි. මේ අනුව ඉරාකය සමග සිදුකරන වෙළද ගණුදෙනු ශ්‍රී ලංකාවට අතිශයින් වාසිදායක වන අතර, මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ඉරාකය තුළ වෙළද අවස්ථාවන් පුඵල් කිරීම කෙරේ රජයේ විශේෂ අවධානය යොමුවී තිබේ.

26FEB3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *