ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව හා ඉරානය අතර වෙළඳාම වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශ්වික හමුවක් කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සමඟ ඉරාන තානාපති කාර්යාල ප්‍රධානී එම්.ආර්.අලුමාඩි මහතා සාකච්ඡාවට එක්ව සිටියේය. මේ සඳහා වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, තේ මණ්ඩල විදේශ අමාත්‍යාංශය යන ආයතනයන්හි නියෝජිතවරු ද සහභාගී වී සිටියහ.
ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයේ සංචාරයක නියැලීමට නියමිත අතර ජනාධිපතිතුමා සමග එහි යන ධූත පිරිස පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කැරිණි. ද්වි පාර්ශ්වික වෙළෙඳාම, සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරිණි.
ඉරානයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන කෙසෙල්, පොල් හා තේ වලට අමතරව වෙනත් බෝග නිෂ්පාදන ද ගුණාත්මක බවින් වැඩි දියුණු කරන ලද නිෂ්පාදන ද යැවීම කෙරෙහි මෙහි දී සාකච්ඡා කැරිණි.