උතුරු පළාතේ කි‍්‍රයාත්මක නොවන කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පරන්තන් රසායන කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට පසුගිය දා එහි ගියහ.

එහිදී දෙස් විදෙස් පරිසරවේදීන් රුසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. පසුගිය යුධ සමයේ පරන්තන් රසායන කර්මාන්ත ශාලාව ශී‍්‍ර ලංකා යුධ හමුදාව බාරයේ තිබූ අතර, එම ඉඩම විධිමත් කි‍්‍රයාපටිපාටියකින් යුතුව යළි සමාගම වෙත පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබේ.

එමෙන්ම කන්කසන්තුරය ප‍්‍රදේශයේ අක්කර 300ක වපසරියක පරිසර හිතකාමී කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට කටයුතු යොදමින් තිබේ. මුලතිව් ප‍්‍රදේශයේ උලු කර්මාන්තයද, කුරිංජන්කේනි ප‍්‍රදේශයේ ලුණු කර්මාන්තයද, කොකාවිල් ප‍්‍රදේශයේ ටයිටේනියම් නිෂ්පාදන ආශි‍්‍රත කර්මාන්තශාලා පිහිටුවීමට අවශ්‍ය කටයුතු යොදමින් තිබේ. එමෙන්ම මඩකලපුව කඩදාසි කර්මාන්තශාලාව යළි ඇරඹීමට කටයුතු කෙරේ. අලිමංකඩ සහ මාන්තෙයි ලුණු නිෂ්පාදන කර්මාන්තශාලා මේ වන විට ආරම්භ කර තිබේ. එම ආයතනවල ලුණු නිෂ්පාදන වෙළෙඳපොළට ලැබීමත් සමග ලුණු ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකි වෙතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විශ්වාසය පළ කරයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරු වන අමීර් අලී, අංජන් රාමනාදන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්දිරන්, යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *