කිලිනොච්චි රෝහල සංවර්ධනය කිරීමේ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කෙරෙණි.

වෛද්‍ය උපකරණ තොගයක් ද රෝහලට පරිත්‍යාග කිරීම ද ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙ⁣රෙණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, පී හැරිසන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන්, රෝහල් කාර්යය මණ්ඩලය, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *