සතොස ගබඩා සංකීර්ණයේ දී සීනි කන්ටේනරයකින් හමු වූ කොකේන් මත්ද්‍රව්‍ය සිද්ධිය සමඟ ශ්‍රී ලංකාවේ සතොස නාමයට හානි කිරීමට ඇතැමුන් ක්‍රියා කරන බවත් මෙම සීනි තොගය සතොස මඟින් ආනයනය කළ සීනි නොවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 24 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා; මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අතර වැරදි ප්‍රචාරයක් ගෙන යනවා. මේවා සතොස මඟින් ගෙනා සීනි නොවෙයි. සතොස එක කන්ටේනරයක් ගෙනවිත් නැහැ. පාඩු ලැබූ සතොස දැන් හරිපාරට එනකොට මෙවැනි කතා ප්‍රචාරය කරනවා. මෙම සීනි පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ඒවයි. ටෙන්ඩර් ක්‍රමවේදයක අනුගමනය කර තිබෙනවා. සතොස නිලධාරීන් තමයි කොකේන් ගැන පොලීසිය දැනුවත් කර තිබෙන්නේ. ඒ නිසා සතොස නාමයට හානි කරන්න එපා. දැන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් පරීක්ෂණ සිදු වෙනවා. මෙයට කවුරුන්ද සම්බන්ධ යන කාරණා, සත්‍ය හෙළි වේවි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අඳහස් දක්වූ සතොස ආයතනයේ සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා; මෙම සීනි තොගය ටෙන්ඩර් කැඳවීමකින් පෞද්ගලික ආනයනකරුවෙකුගෙන් ගෙන් වූ ඒවායි. මේ පිළිබඳව සතොස නිලධාරීන් ඉහළ නිලධාරීන් දැනුවත් කළා, ඒ අනුව අප පොලීසිය දැනුවත් කළා. මේ පිළිබඳව විවිධ මත පතුරුවනවා. ලංකා සතොස නිලධාරීන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *