ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ සාගර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ කොරියානු රජයේ සහ කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් පිරිස අතර, කොළඹ කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය දා පැවැත්විණ.
කොළඹ, මට්ටකුලිය, ප්‍රදේශයේ සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතියට වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 14.5කි. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.