ගම්පහ කාර්මික විද්‍යාලයේ අලුතින් ඉදිකළ පරිපාලන ගොඩනැගිල්ල, වැඩිදියුණු කරන ලද පුහුණු වැඩහල් සංකීර්ණය සහ උපදේශක නිල නිවාස සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29 දා පැවැත්විණ.

කොරියානු රජයේ ආර්ථික සංවර්ධන පිළිබඳ සහයෝගිතා අරමුදලේ හා එක්සීම් බැංකුවේ සහන ණය යෝජනා ක්‍රමයෙන් මේ සඳහා ප්‍රතිපාදන සැපයේ. වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8.1කි. භාෂා මධ්‍යස්ථානයකින් හා පරිගණක විද්‍යාගාර දෙකකින් කාර්මික විද්‍යාලය සමන්විතය.

මෙම ආයතනයේ සිසුන්ට, ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 5 සහ 6 යටතේ නව පාඨමාලා 8ක් විද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත. ඒ අතර ශිතකරණ හා වායුසමීකරණ තාක්ෂණය, මෝටර් රථ තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, සීඑස්සී තාක්ෂණය, වායු හා ද්‍රව පිඩන තාක්ෂණය, මෙකාට්‍රොනික් තාක්ෂණය, විදුලි සංදේශ තාක්ෂණය ඇතුළු පාඨමාලා අධ්‍යයන පහසුකම් ඇත. ව්‍යාපෘතිය යටතේ ආචාර්ය මණ්ඩලයට කෝරියාවේදී විශේෂඥ පුහුණුකරුවන් යටතේ පුහුණු කර ඇත.


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, අමාත්‍ය අර්ජුණ රණතුංග, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *