ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය.

එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහාය ලබා දෙන බව බාටෝන් මහත්මිය පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාරභෝගිකයින්ට ආහාර බෙදා හැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලාය වන ලංකා සතොස හා සමුපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්, මේ මගින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන බවත් එමගින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.

රජය ක්‍රියාත්මක කර තිබෙන එම වැඩ පිළිවෙළට ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහයෝගය ලබා දෙන බව බාටෝන් මහත්මිය ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *