අද චීනයේ නැනින් හි දී ආරම්භ වන 13 වැනි CAEXPO ජාත්‍යන්තර ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගී වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඇතුළු නියෝජිතයන් 25 දෙනෙක් චීනයට ගියහ.

අද ආරම්භවන මේ ප්‍රදර්ශනය ආසියානු කලාපයේ රටවල් 10ක අනුග්‍රාහකත්වයෙන් පැවැත්වේ. එය චීනයේ පැවැත්වෙන විශාලතම කර්මාන්ත ප්‍රදර්ශනයයි. වෙළඳ ව්‍යාපාරිකයන් දහස් ගණනක්, ව්‍යාපාර 25,580ක් ව්‍යාපාරික සංගම් හා නියෝජිත කණ්ඩායම් 100ට අධික පිරිසක් විවිධ ක්ෂේත්‍රයන් 30ක් යටතේ මේ ප්‍රදර්ශනට එක්වීමට නියමිතය.

ප්‍රදර්ශනයට සමගාමීව සම්මන්ත්‍රණ ද පැවැත්වේ. මෙය දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක් බව රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයා චීනයට පිටත්ව යාමට පෙර කොළඹ දී පැවසීය. ‘‘ ආර්ථික හා වෙළඳ හුවමාරු ක්ෂේත්‍රයේ දී මේ ප්‍රදර්ශන අවස්ථාවට සහභාගී වීම අපට ඉතා වැදගත් වනවා. විශේෂයෙන් මෙය ආසියාව පුරා රටවල අපනයන හා ආනයනකරුවන් සහභාගී වන ප්‍රදර්ශනයක්. එමගින් අපිට නව වෙළඳපොළ අවස්ථා විවර කරගන්න හැකියාව ලැබෙන බව ස්ථිරයි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *